ලක්ෂ්මි පෙරේරා - ලන්ඩනය

2025 අගෝස්තු කලාපය

කාල සටන

මොකොද ඔතරම් කලබල,
හනික යන්නට උනුසුම
ගිය මසේ කවි ලිවුව පිටුවත්
තවම තෙතමන පිටින්,
කාල පෙට්ටිය රඟන රැගුමන්
මහලු වියටනෙ ගැටලු දැන්,
විසි හතර වර්ශය දිව ගියේ
මගේ කොටසක් රැගෙන නේ
විසි පහත් එනවිට ගියා ඩැහැගෙන ඉතිරි කොටසත් පොදි බැදන්
දරු මුනුබුරන් ඇසුරට මම ගියා,
ටික දිනක් සතුටක් ලබනට සිතා
එ මස ගියෙ අනෙ විදුලි වේගෙන්
කාල පෙට්ටිය රව රවා.
විසි හයත් පෙනෙනව ලඟ ලඟින්
ඉඟි බිඟි රැගුම් පානව මට හොරෙන්
දහම මා ලඟ රැඳි බැවින්
ගමන යන්නට මැලි නොවෙම්.
එහෙත් දෙන්නකො පොඩි ඉඩක්
කවිය ලියනට තව දෙකක්
සිතුවිලි එමින් යන වේගන් අනේ ඇඟිලි තුඩ යන්නේ සෙමින්.
ඔහොම වේගෙන් කල ගියොත්
ලඟදීම හුස්මත් එයි තුටින්!
View Poem