නිමල් අබේසිංහ - කඳාන

2025 අගෝස්තු කලාපය

රණ්ඩුව

සිනා සී චණ්ඩ හිරු වසාගෙන අහස
උනා රැස් කදම්බය කරයි මා වෙහෙස

එදා මනරම් ලෙසම කියා රස රහස
මෙදා පිටුපායමින් දකී මගෙ දෝෂ

පියතෙපුල් තොදොල් බස් ඇතුල හරි තිත්තයි
රැවටුවේ මා නොවේ නුබ තමා සත්තයි

ගත පුරා රුදු විසක් මගෙ වැළඳ ගත්තයි
ඔව් ඉතින් මම් වැරදි අනේ හරි ඇත්තයි

ගිරි කුළේ පිපි මලේ සිරියාව ඔහොමයි
සුදු හකුරු රසවත් ය හදනකොට මෙහෙමයි

දළ යුවලෙ ගජමුතුය පෙන්නුවේ එහෙමයි
මුතු තබා මැටි පිඩක් නැතිවාම සේමයි

විලෙන් ගොඩ ආ විලස හසඟනක් මානසා
නුරා පිරි තෙපුලටම හදින් බැඳි ලාලසා

ගලින් නෙලු රුවක් යෑයි සිතූමුත් තිර ලෙසා
ව්ඳවමින් තැවෙන්නෙමි ප්‍රේම ගීයක් නිසා

ඉරි ඇඳලා පෙත හදලා පනිනවානෙ කොණ්ඩු
බත ඉදෙනා තුරු පමණයි අපි දෙන්නගෙ රණ්ඩු
View Poem