තන තන තාන තම් දෙනා ...
ගුරුන්නාන්සේලාගේ කට්ටියෙන් මිදී
අගනුවරට පැනගත් කොලු ගැටයා
මා සමග කියන ලද අත්දැකීමක්
නිතර සිතට එන වද දෙන රැයකි මෙය
පෙරහැරක් අවසන් කර විඩාබර වී
කුඩා අවන්හලකට ගොඩ වදින ඔවුන්
තේ වතුර ඇණවුම් කර සිටින අතර
ලැබෙන්නේ දෙක තුනක් අඩුවෙනි
ඒ කුමක් නිසාදැයි විමසන සැනින්
අඬු බිඳුනු බඳුන් තවත් එහි නැති නිසා
මඳක් ඉවසන්නට නොහැකි මන්දැයි
සිද්දිය දකින අයිතිකරු පෙරළා අසයි
තන තන තාන තම් දෙනා තාලෙට
ගුවනට පැන උකුස්සා ගසමින්
මසිත තුළ පෙලහර පාන්නේ
නිත්තවෙල ගුරුන්නාන්සේදැයි සිතේ
19.07.2025
අගනුවරට පැනගත් කොලු ගැටයා
මා සමග කියන ලද අත්දැකීමක්
නිතර සිතට එන වද දෙන රැයකි මෙය
පෙරහැරක් අවසන් කර විඩාබර වී
කුඩා අවන්හලකට ගොඩ වදින ඔවුන්
තේ වතුර ඇණවුම් කර සිටින අතර
ලැබෙන්නේ දෙක තුනක් අඩුවෙනි
ඒ කුමක් නිසාදැයි විමසන සැනින්
අඬු බිඳුනු බඳුන් තවත් එහි නැති නිසා
මඳක් ඉවසන්නට නොහැකි මන්දැයි
සිද්දිය දකින අයිතිකරු පෙරළා අසයි
තන තන තාන තම් දෙනා තාලෙට
ගුවනට පැන උකුස්සා ගසමින්
මසිත තුළ පෙලහර පාන්නේ
නිත්තවෙල ගුරුන්නාන්සේදැයි සිතේ
19.07.2025