ඉෂංකා මිහිරි කුමාරතුංග

2025 අගෝස්තු කලාපය

යසෝදරා....යසෝදරා....

නේරංජනා දියවර බරදැයි නාසා
රාහුලයෙක් දෝතට දී....
පිටමං උනාට නුඹ අමනාපද...
යසෝදරා.....
මං එක්කලා අමනාපද යසෝදරා....

ගමනක් නැතත් එක්ව මියදෙනා
සසර පුරාම ලඟම නැවතී
මඟදී හැරී ආපිට ආවට
යසෝදරා...
මං එක්කලා අමනාපද යසෝදරා....

විසල් නගර පුරා රැව් පිලි රැව් දෙන
අනියත දහමේ ගුණ ලඟදී
නුඹත් නිවෙනවනම් දිනකදී
යසෝදරා..
මං අමනාප නෑ...යසෝදරා...


යටියන්තොට
View Poem