පී.ජී. චතුෂි බුද්ධිකා ප්‍රේමසිරි

2025 අගෝස්තු කලාපය

නුඹ

පාන් වෙන්නට පෙර ම මැදියම
රැයත් රහසින් නිදන වරුවක්
වාන් දමනා වචන ඔක්කොම
ඔයා පැටලුනු තවත් කවියක්

තුරු උකුල මත හඳ නිදන සඳ
උමතු සිතුවිලි රැහැන් දහසක්
හදිස්සියෙ හමුවෙලා වෙන්වෙන
ඔයා ලස්සන හවස අහසක්

මිරිඟු ඇස්වල ගිලී මියැදෙන
මම සසංවර පුංචි මෙරුවෙක්
ක්ෂිතිජ රේඛා අතර බොඳ උන
ඔයා හරි උස පහන් කණුවක්
View Poem