සමන්තා විතානගේ

2025 අගෝස්තු කලාපය

දුගියෙකි මා

උපදින විටදි කිසිවක් නැත ගෙන ආයේ
කල හොඳ නරක පමණකි ඉතිරිව වූයේ.
දිවියෙහි අතිර බව ලෝ දහමකි කීයේ
දිනිඳුව ඉපදුනේ පෙර පව පල දීයේ

යහමට යමක් නොතිබුණ මුත් මා සෙවුව
කිසිවිට අත නොපා දුකසේ දිවි ගෙවුව
කරගැට හැදෙනතුරු දෑතේ කැඹිරෙවුව
පවකට හිමිවුනේ මහ පාරක අවුව

බිරිඳව ගියා මා අතහැරදා එලොව
පුතෙකුව වැදූ දිනයෙම තනිකර මෙලොව
බුදුබව ලැබු හිමියනි තිළකවු තිළොව
පිනපව දෙකම පළදෙන කර්මෙකි දෙළොව

රියසක වගෙයි දුක සැප නිති පෙරළෙන්නේ
දහමක වගයි අප හට පෙන්වා දෙන්නේ
නිවසක නැතැයි කෙලෙකදෝ පවසන්නේ
තුමුලක නැනැති දරුවෙකු දැන් මට ඉන්නේ

යහමට උගන්වා ලොකු මිනිසෙකු වන්න
දහමට යොමු කලේ ගුණ බණ දැනගන්න
කදිමට කසාදය විය බැඳලා දුන්න
පියෙකුට උරුම වූයේ පාරද ඉන්න
View Poem