ඥාාණවතී හේරත්

2025 අගෝස්තු කලාපය

සඟවලා සෝ තැවුල්

සඳ වසාගෙන රාහු අඳුර රජ කරන්නේ
වැසි වළා කුළු වැඩී වියන බැද තබන්නේ
නිදි වරා රැය දිගයි සයනෙ සුව සොයන්නේ
බිය ගෙනා දැක සිහින නිතර හද ගැහෙන්නේ

එන තරම් අපහාස ගැහනියකගේ වෙතට
මත ගැටුම් විවේචන රැවුම් ගෙරවුම් එමට
ගිය මගේ වැරදීම පෙරලනව තනි පිටට
බර තබනු තුලාවට දෙපැත්තම එක ලෙසට

මහත් සෙවනක් පැතුවෙ අචල ආදර සිතින්
නැතත් රැකුමක් ලැබුවෙ පැරදුනා ඔබ අතින්
පසක් කර දුන් කුරිරු ලෝදමක තතු මතින්
ගසක් ලෙස දිරා ගිය කඳක් වුනි මා ඉතින්

පොළොව කම්පා කරයි කැළඹෙනව මන අවුල්
ලැමක කිරි බිඳු ගලයි පසාකර හද යවුල්
පිටව පලයන් උදයෙ අනදෙනව මට සැවුල්
අතර දැමුවා මැණික සඟවලා සෝතැවුල්
View Poem