දිමුතු ප්‍රසාද් උඩුගමසූරිය පානදුර

2025 අගෝස්තු කලාපය

බිඳුණු ප්‍රේමය

වළාකුළු මත මතක ගඟනත
තවම නිරතුරු මැවෙන හීනය
හීනියට හිත් රිඳුම් මතුකර
මතක් නොම කර ගැයෙන ගීතය
සුවඳ සේපාලිකා වක් මෙන්
අතැර නොමයන ප්‍රථම ප්‍රේමය

බැඳුණු දා හිරි වැටුණු හදවත
තවම එහෙමම නොවෙද සදවත
බිඳුණු දා පෙම හැඩූ තරමම
තවම නිහඬව හඩමි හිතවත

කැබලි වී ගිය බඳුන පෙර ලෙස
පිරියමින් කල නොහැකි මුත් නිම
හැඩය ඒ මෘදු සදා සුරැකිව
රැදී ඇත හද විලස සිත්තම

යළිත් අප මුණගැසෙයි දිනයක
යනෙන විට හෝ මගතොටේ
මඳහසක් පෙර ලෙසම නොවුනත්
තවරගෙන යමු ඇස් වටේ
පැටව් හිමිසද සිටිය හැක ළග
ලෙදින් අනුහස් සල දමේ
නමුඳු සුරැකිව තබාගමු අපි
සුවඳ මතකය හදවතේ
View Poem