මල් නෙලන ළඳ
රෑන කුරුලු ගී අසමින් මුවින් ගොළු
පේන දුරක නිල් විල මැද නෙලුම් නෙළු
ගේන දෙඅත් මිටි බැඳ මුදු සිනා සැලු
හීන දකින ලිය සොඳුරුය හෙටක් බැලු
දියේ යන්න ගත සවිබල ලැබීයන්
දියේ රකුසු නුඹ දැක බිය වැදීයන්
දියේ සිසිලසින් ඉර ගිනි නිවීයන්
දියේ නෙලුම් සිය දහසින් පිපීයන්
පතේ බිඳත් දිය නොරඳයි දැනෙන්නයි
මලේ පුදත් පරවෙන බව සිතෙන්නයි
දියේ බසිත් අනතුරු කිසි නොවෙන්නයි
ළඳේ නුඹත් දෙවි පිහිටෙන් රැකෙන්නයි
පේන දුරක නිල් විල මැද නෙලුම් නෙළු
ගේන දෙඅත් මිටි බැඳ මුදු සිනා සැලු
හීන දකින ලිය සොඳුරුය හෙටක් බැලු
දියේ යන්න ගත සවිබල ලැබීයන්
දියේ රකුසු නුඹ දැක බිය වැදීයන්
දියේ සිසිලසින් ඉර ගිනි නිවීයන්
දියේ නෙලුම් සිය දහසින් පිපීයන්
පතේ බිඳත් දිය නොරඳයි දැනෙන්නයි
මලේ පුදත් පරවෙන බව සිතෙන්නයි
දියේ බසිත් අනතුරු කිසි නොවෙන්නයි
ළඳේ නුඹත් දෙවි පිහිටෙන් රැකෙන්නයි