බන්දුල කුරුවිටආරච්චි

2025 අගෝස්තු කලාපය

නොගැයූ ගීතය

ඔබෙ සුවඳ පන්හිඳකට කවා
සුභ සිහින පත් ඉරු මත ලියා
තතන තතනා සෙමින් මිමිනූ
නොගැයූ ගීතය ගයන්නම්

නිසි කාලයට ඉඩ කඩ තියා
නෙත් රිදි රිදී හැල්මේ යවා
අරුත් සහසක් හදෙහි තෙරපූ
නොපැතූ ගීතය ගයන්නම්

දෙහද දුර දිග මැන බලා.
මම මටම බලකරමින් අසා.
බලාසිටි කාලයත් ඇති දැන්
නොසිතූ ගීතය ගයන්නම්.

පෙම් සිතැඟි මුදු සංසර්ගයේ
ඔබෙ නමට ගැබ් ගත් පදවැලේ
ව්ළි රුදා විඳි සත් ස්වර මත
නොනිමි ගීතය ගයන්නම්.
View Poem