කල්‍යාණි ලියනගේ

2025 අගෝස්තු කලාපය

සිහසුනක් නැති රජෙකි නුඹ මට​

හිරු රැසක් වී මහා කඩතොළු බැඳී සෙනෙහස රන් දමින්
මහ සෙලක් සේ නොසැලි සිටියා කඳුළු සඟවා පිසලමින්
පුදසුනක්මය හදෙහි වැජඹුන සුවඳ හැමුවා අප නමින්
සිහසුනක් නැති රජෙකි නුඹ මට වඳිමි පායුග බැති පෙමින්

ඩා බිඳක උණුසුම වෙලා ගත දෑතෙ කරගැට සඟවමින්
පෑ දයා නිහඬවම අප වෙත හදේ බැඳි ඒ දරු පෙමින්
ආ මගේ කටු කොහොල් වෙනුවට මල් යහන් මත රඳවමින්
ගෑ සුවඳ දිවි මං තලාවේ අමරණීයයි ඔබ නමින්
View Poem