ඒ. එම් .අබේසිංහ බණ්ඩා මහනුවර

2025 අගෝස්තු කලාපය

නිකිණි මහේ පසළොස්වක පුරපෝයදිනේ

දුටුවා නිකිණි සඳ මේවන් සිරි පෙරදිනේ.........

සමයක් නිසා වැසි වැඩි මතු තුන්මාසේ

රුක්මුල් අසල ඇතිවන සීතල දැඩිසේ

අපහසු නිසා කරනට බණදම් රිසිසේ

එකතැන විසීමට දුන්නා බුදු උපදේසේ



පෙරවස් වසන්නට තිබුණත් පෝයට ඇසළ

මගහැරුනොතින් සඟුන්හට ලැබුමට සීල

පසුවස් වසන්නට පොහොදින විසුල

නිකිණි පෝයදා සිදුවෙයි විලසින් පතළ



ලලාට ධාතුව අපේ ගෞතම බුදුහිමිගේ

තැන්පත් කරවන්න මත්තෙහි ලක්මවගේ

ඉදිකරවන්න සේරුවාවිල වෙහෙර අගේ

වැඩ ඇරඹුනේ නිකිණි පොහොදා ඈත යුගේ



දෙසුදම් සයුර අපෙ සම්මා සම්බුදු හිමි

මතකයෙ තබාගත් මැනවින් නැතුව නිමි

ලැබුවේ රහත්භාවය බිඳ සසර බැමි

නිකිණි පෝයදා මහ ආනන්ද හිමි



ගෞතම බුදුන්ගේ මහ පරිනිර්වාණෙන්

තෙමසක් ගෙවුණුදා මහ කසුප් තෙරුන්

මුල්තැන අරන් අජාසත් රජු අනුබලෙන්

නිකිණි පෝයදා කළේ සංඝායනේ මුලින්



සම්බුදු සමිඳු වැඩ සිටියදි දෙව්රම් වෙහෙර

එළඹුණු වස් සමයෙ එකුන් පසලොස් වසර

ඇසා බුදුන්ගෙන් රාහුල හිමි රාහුල සුතුර

ලැබුවේ රහත්භාවය පොහොදා නිකිණි පුර
View Poem