වසන්තයක සේයාවක් !!
අහස පුරා පුපුරා යන ගිගුම් නිමා විය
සතර දෙසින් හමනා රළු සුළඟ නිමාවිය
අලුත් මාවතක් තනනා නැකත උදාවිය
සිය වස් ගනනක කදුලක සිනා සැබෑවිය
නව මාවත තනනා මග ඝෝර සපුන් ඇත
සිහි නුවනින් යායුතු බව සිහි කරගත යුත
සිය දහසක් නෙක බාධා ඉදිරියෙ තව ඇත
හිත මිතුරනි නව මාවත නිවරදි වනු ඇත
දහස් ගනන් දිවිදුන් අප හෙළ විරුවන් හට
නිගා නොදුන් දරුවන් ලෙස අපගෙ නමත් ඇත
ලක් මව සුරපුර කරනා ඒ මහ ගමනට
එන බාධා මැඩලන්නට නොබියව එනු මැන
සතර දෙසින් හමනා රළු සුළඟ නිමාවිය
අලුත් මාවතක් තනනා නැකත උදාවිය
සිය වස් ගනනක කදුලක සිනා සැබෑවිය
නව මාවත තනනා මග ඝෝර සපුන් ඇත
සිහි නුවනින් යායුතු බව සිහි කරගත යුත
සිය දහසක් නෙක බාධා ඉදිරියෙ තව ඇත
හිත මිතුරනි නව මාවත නිවරදි වනු ඇත
දහස් ගනන් දිවිදුන් අප හෙළ විරුවන් හට
නිගා නොදුන් දරුවන් ලෙස අපගෙ නමත් ඇත
ලක් මව සුරපුර කරනා ඒ මහ ගමනට
එන බාධා මැඩලන්නට නොබියව එනු මැන