අසනි වැස්ස
වෛද්‍ය සමන් ජයමාන්න - කඳාන
නියං යාමයේ වට මේ වැහි රැල්ල
අනියම් ප්‍රේමයක් සේ මය, සේ මය, සුන්දරය.
නොසිතූ වෙලාවෙක නොසිතූ විලාසෙට
වැගිරෙන රඟ බලමි, වියැළුණු පොළොව මත.
ගුගුරයි අහස, පිට කර නෙක අකුණු සර.
කැළඹී හමයි, තුරු අඹරා සැඩ සුළඟ.
උතුරා හිනාවෙයි, දිය සුළි සමග වැව.
පිහිනා කිමිද යමි නොබියව, ගැඹුරු දිය.
පිපිරී ඉරි තැලී ගිය මගෙ ලියැදි පිට
කැකිරි, කොමඩු, වැටකොලු ඉන්දා තිබිණ.
රන් දියවර පැමිණ යට කර නිසරු පැළ
හෙට දින වඩන සරු ගොයමට සදයි, පස.
ඉඩෝර ඉපල් මත ලියලයි, ළදලු කොළ.
නෙක පාටින් පිපෙයි, දහසක් කුසුම් හැඩ.
නියං කොබෙයියෝ හැර යති වෙල් එළිය,
වැහි ලිහිනින්ට ගගනත ඉඩ ඉතිරි කොට.
අනියම් ප්‍රේමයක් සේ මය, සුන්දරය,
නියං යාමයේ වට මේ වැහි රැල්ල.
නියං යාමයේ වට මේ වැහි රැල්ල
අනියම් ප්‍රේමයක් සේ මය, සේ මය, සුන්දරය.
නොසිතූ වෙලාවෙක නොසිතූ විලාසෙට
වැගිරෙන රඟ බලමි, වියැළුණු පොළොව මත.
ගුගුරයි අහස, පිට කර නෙක අකුණු සර.
කැළඹී හමයි, තුරු අඹරා සැඩ සුළඟ.
උතුරා හිනාවෙයි, දිය සුළි සමග වැව.
පිහිනා කිමිද යමි නොබියව, ගැඹුරු දිය.
පිපිරී ඉරි තැලී ගිය මගෙ ලියැදි පිට
කැකිරි, කොමඩු, වැටකොලු ඉන්දා තිබිණ.
රන් දියවර පැමිණ යට කර නිසරු පැළ
හෙට දින වඩන සරු ගොයමට සදයි, පස.
ඉඩෝර ඉපල් මත ලියලයි, ළදලු කොළ.
නෙක පාටින් පිපෙයි, දහසක් කුසුම් හැඩ.
නියං කොබෙයියෝ හැර යති වෙල් එළිය,
වැහි ලිහිනින්ට ගගනත ඉඩ ඉතිරි කොට.
අනියම් ප්‍රේමයක් සේ මය, සුන්දරය,
නියං යාමයේ වට මේ වැහි රැල්ල.