කවියක් හෙම නොවේ කොහොමවත් ම...............
වැඩිවෙන ජීවන මිළ
නැඟ ගිය පසු අහස් උසට
ඉඳ හිට එක භාණ්ඩෙකට
අඩුකළාම සොච්චමක්
ඒකත්
අලියට දිවුලක් වගෙ උනත්
පායනා පෑයිල්ලේ සැරට
ඉඳ හිට වැටෙන මේ
අක් වැස්සත්
හීංවට ගේනවා පුංචි සුවයක්
දොර රෙද්ද අතරින්
සිනාසෙන ගැමි මනාළිය සේ
මිඳුළේ තුරුපත් සෙමින්
සිනාසෙන දෙස බලමි.
අනේ එපා මහා වැසි
පොළොව පුපුරණ පෑයිලී
ටිකෙන් ටික වැහැපන්
ගහ කොළ සිනා සෙන්නට
බදු බරද අඩුවෙයන්
මිනිස් සිත් පිරී
රටද සරුවී
වැස්සෙන් අව්වෙන් මේ
මහීකතගෙන් වැඩක් අරගෙන.
එදාට දහසක් මල් පිපේවි
දෙපයින් මිනිසුන් නැගිටීවී
අසාධාරණේ තිරකඩ වැසී
දෑකැති මිටි සිනා සේවී.
නැඟ ගිය පසු අහස් උසට
ඉඳ හිට එක භාණ්ඩෙකට
අඩුකළාම සොච්චමක්
ඒකත්
අලියට දිවුලක් වගෙ උනත්
පායනා පෑයිල්ලේ සැරට
ඉඳ හිට වැටෙන මේ
අක් වැස්සත්
හීංවට ගේනවා පුංචි සුවයක්
දොර රෙද්ද අතරින්
සිනාසෙන ගැමි මනාළිය සේ
මිඳුළේ තුරුපත් සෙමින්
සිනාසෙන දෙස බලමි.
අනේ එපා මහා වැසි
පොළොව පුපුරණ පෑයිලී
ටිකෙන් ටික වැහැපන්
ගහ කොළ සිනා සෙන්නට
බදු බරද අඩුවෙයන්
මිනිස් සිත් පිරී
රටද සරුවී
වැස්සෙන් අව්වෙන් මේ
මහීකතගෙන් වැඩක් අරගෙන.
එදාට දහසක් මල් පිපේවි
දෙපයින් මිනිසුන් නැගිටීවී
අසාධාරණේ තිරකඩ වැසී
දෑකැති මිටි සිනා සේවී.