ආවර්ජනා
නෑඹිළියට කොරහ අරන් ලිප ගිනි මොලවන
වරාමලට බඹරු ඇවිත් ආපසු යන විට
පාර වැරදිලා කිව්වත් එහි තවදුර යන
මල් පිපුනේ පාට කරලා නොවෙයිනේ ගස්වල
හිතාගන්න බැරිවිදියට උකටලී සිතුවිලි
වළාකුලත් බැණුම් අසති වැස්සක් නැතිවිට
දරාගත්ත ඉවසිමද පෑල දොරින් බැස
අසාගත්ත බොරු තවමත් කියවති රසකර.
උන් උන් පසුපස ඇවිදිති වහල්කමේ හැඩ
ගහ කොළ සිව්පා කඳුුලුත් මිටියාවත් දැක
සොබාදහම අත්හැර යන නරකම යුගයක
වේයෝ තුඹස් බැදලා වගෙයි රජ වාසල මැද.
වරාමලට බඹරු ඇවිත් ආපසු යන විට
පාර වැරදිලා කිව්වත් එහි තවදුර යන
මල් පිපුනේ පාට කරලා නොවෙයිනේ ගස්වල
හිතාගන්න බැරිවිදියට උකටලී සිතුවිලි
වළාකුලත් බැණුම් අසති වැස්සක් නැතිවිට
දරාගත්ත ඉවසිමද පෑල දොරින් බැස
අසාගත්ත බොරු තවමත් කියවති රසකර.
උන් උන් පසුපස ඇවිදිති වහල්කමේ හැඩ
ගහ කොළ සිව්පා කඳුුලුත් මිටියාවත් දැක
සොබාදහම අත්හැර යන නරකම යුගයක
වේයෝ තුඹස් බැදලා වගෙයි රජ වාසල මැද.