මා ද මට නැත
දෑල දොඩමලු සිනා කිකිණි
නීල ඉදුවර විලට වැටුණි
මාල මුදු රන් කෙන්ද ළිහුණි
ආල ලැව් ගිනි ඇවිල දැවුණි
සේද මාවත බොරළු පෑගෙයි
සාද නිල් තරු පින්නෙ සේදෙයි
වේදනාබර අකුරු ලියවෙයි
මාද මට නැති බවක් හැඟවෙයි
සදුන් ගස වට සමන් පරවී
අදුන් අඩ සඳ නළලෙ බොදවී
මුදුන් වූ අතු කිණිති සෙලවී
ඉතින් අපි සමුගනිමු ගිරවී
රැය ගෙවී ඉර නැගෙනු නියත
නිය දමට ඉඩ දෙමුද නැවත
වැය වෙවී ගිය සොදුරු පවත
ලිය ලයිද එක්වෙමින් සුරත
දවා පාළුව හිතට දැනෙනා
අවාරෙත් මල් ගසක පිපෙනා
පවාරණය ට දොරටු හැරෙනා
මුවා වෙන්නට ගසක් කොතැනා
නීල ඉදුවර විලට වැටුණි
මාල මුදු රන් කෙන්ද ළිහුණි
ආල ලැව් ගිනි ඇවිල දැවුණි
සේද මාවත බොරළු පෑගෙයි
සාද නිල් තරු පින්නෙ සේදෙයි
වේදනාබර අකුරු ලියවෙයි
මාද මට නැති බවක් හැඟවෙයි
සදුන් ගස වට සමන් පරවී
අදුන් අඩ සඳ නළලෙ බොදවී
මුදුන් වූ අතු කිණිති සෙලවී
ඉතින් අපි සමුගනිමු ගිරවී
රැය ගෙවී ඉර නැගෙනු නියත
නිය දමට ඉඩ දෙමුද නැවත
වැය වෙවී ගිය සොදුරු පවත
ලිය ලයිද එක්වෙමින් සුරත
දවා පාළුව හිතට දැනෙනා
අවාරෙත් මල් ගසක පිපෙනා
පවාරණය ට දොරටු හැරෙනා
මුවා වෙන්නට ගසක් කොතැනා