පුෂ්පශාන්ත සමරනායක මොරටුව

2025 අගෝස්තු කලාපය

සුදු නෝනේ....

ඉඳහිටක කවි ලියා
ගලපගෙන එලිසමය...
අයිතියක් නැති නුඹෙන්
නොඉල්ලා මධු සමය...
කඩු සටන් කුමකටද..?
කුමරුන්ට දෙමි වනය...
සතුට නම් නුඹ තුටින්
ඉන්නවා දැකීමය....

මේ භවය හිමි නැතත්
දුක් නොගෙන දරපන්....
සසරෙ මතු කාටවත්
බහ නොදී ඉඳපන්....
හුරු පුරුදු ඇස්, කොහේ හරි
ඇතිද හොයපන්....
සංසාරෙ එක වරක්
මගෙ වෙලා බලපන්....

අසාපන් ඉතින් නුඹ
මගේ සුදු නෝනේ....
මැරුණ දවසක කඳුළු
එපා ඔය මුහුනේ....
දමන්නට කලින් පස්
අහුරු, මිටි ගානේ....
නුඹේ කවි ටිකක් විසි,
කරන්නට ඕනේ....

2025:07:23
View Poem