ආරියරත්න ජයසිංහ මහරගම

2025 අගෝස්තු කලාපය

ගඟක් පසුතැවෙයි

සියක් ගව් දුරුමඟ ගෙවාගෙන
ගලා විත් වන වදුලු අතරින
කඳු අතර දියඇලිද මවමින
හැපී ගල්පර සිනා නඟමින

සුපිපි තුරුහිස් මලින් ගැවසුන
අතර කෙත්වතු පලින් බරවුන
ගොවීන් ඩාදිය සුවඳ විඳිමින
ගමනකි මහ සයුර වෙත යන

වැදුනු පසු මහ මුහුදු ඇකයෙහි
ලවණ රස පිරි කටුක කර්කශ
පසුතැවෙමි ගමනාන්තය ගැන
ගමන් මඟ විඳි සුවඳ සිහිකර
View Poem