පලයං සෙනසුරු
සුදුපාට බෝධියට මම ගොස්
කොළපාට පඬුරකුත් බැන්දා
එක නැට්ටෙ දෙහි තුනක් අඹරා
නීල මණ්ඩල හතක් බැන්දා
වට්ටි දහයක් පිරෙන්න ම
හත් පාට මල් හත් තැනක පිදුවා
මුට්ටි ගණනට ගණං ගෙවලා
ක්ෂීර සාගර බිමට ගැලුවා
පුපුරු ගසනා ඇස් දෙසීයට
නයිල් ගඟ හරවලා බැන්දා
කට්ට කරුවල රෑක තනියම
අහස් ගැබ සඳ සාවි ඇන්දා
ගිතෙල් තිර දල්වලා ගුළි කර
බලු කපුටු දානයක් දුන්නා
සද්ද කර කර ඝාණ්ටාරා
සුවඳ දුම් පණිවුඩත් යැව්වා
එහෙව් කරලා හත් වසක්
සත් මසක් තව සත් දවස් පැන්නා
මොකද්දෝ කිල්ලකට හසුවී
ආයෙමත් ඔළුවටම වැටුණා
කොළපාට පඬුරකුත් බැන්දා
එක නැට්ටෙ දෙහි තුනක් අඹරා
නීල මණ්ඩල හතක් බැන්දා
වට්ටි දහයක් පිරෙන්න ම
හත් පාට මල් හත් තැනක පිදුවා
මුට්ටි ගණනට ගණං ගෙවලා
ක්ෂීර සාගර බිමට ගැලුවා
පුපුරු ගසනා ඇස් දෙසීයට
නයිල් ගඟ හරවලා බැන්දා
කට්ට කරුවල රෑක තනියම
අහස් ගැබ සඳ සාවි ඇන්දා
ගිතෙල් තිර දල්වලා ගුළි කර
බලු කපුටු දානයක් දුන්නා
සද්ද කර කර ඝාණ්ටාරා
සුවඳ දුම් පණිවුඩත් යැව්වා
එහෙව් කරලා හත් වසක්
සත් මසක් තව සත් දවස් පැන්නා
මොකද්දෝ කිල්ලකට හසුවී
ආයෙමත් ඔළුවටම වැටුණා