දීප්ත ප්‍රනාන්දු - ඉතාලිය

2025 අගෝස්තු කලාපය

පුරවැසිභාවය

මම ලෝක වැසියෙක්
සෞරග්‍රහ මණ්ඩලේ පෘථිවියයි නම් දරන
දාර මුළු කිසිත් නැති එකම එක ගෝලයේ
බෙදීගෙන නෙක විලස වසන එක මිනිස් වගෙ
මමත් එක මිනිසෙක්
ඇයි මෙමට ජාතියක් ආගමක් මව් බසක්
රටක පුරවැසි බවක්
මැරුණවිට ගෙනයන්නෙ මෙයින් කොයි සහතිකෙද?
එකම දෙසකින් ඇවිත් යළිත් එහෙටම ඇදෙන
ඇවිත් හිඳ ටික කලක් නික්ම යන ආ ලෙසම
බෙදීලා යුධ වදින එම දිනය ලබනතෙක්
දෙවියනේ මමත් එක මිනිසෙක්
එම මිනිස් ජාතියේ.
View Poem