පණ ගැහෙන පෙම
මතක ගසින් මිහි මත පත් වියළි කොළ
අතක දරාගෙන එහි බර දරන කල
කවක වගේ අහසේ ඒ මුහුණු මල
හඳක වෙලා විත් කළඹයි සිහින විල
එදා ඉඳන් හිතුවත් එක තැනක ඉඳ
සදා දෙතැන හිතුවිල්ලෙන් පලක් වෙද
බදාගෙන මෙතෙක් ආ ගිය පැතුම් කඳ
නිදාගෙනය තාමත් සෝ සුසුම් මැද
අතට ලැබුණ දේ ගිලිහී යන්න ගියේ
ඔබට වරද නොදෙමී එය ළඟම තියේ
ළඟට ඇවිත් පෙළහර පෑ හැකි ද ලියේ
දැනට අහිමි මුත් පණ ඇති පෙමකි ළයේ
අතක දරාගෙන එහි බර දරන කල
කවක වගේ අහසේ ඒ මුහුණු මල
හඳක වෙලා විත් කළඹයි සිහින විල
එදා ඉඳන් හිතුවත් එක තැනක ඉඳ
සදා දෙතැන හිතුවිල්ලෙන් පලක් වෙද
බදාගෙන මෙතෙක් ආ ගිය පැතුම් කඳ
නිදාගෙනය තාමත් සෝ සුසුම් මැද
අතට ලැබුණ දේ ගිලිහී යන්න ගියේ
ඔබට වරද නොදෙමී එය ළඟම තියේ
ළඟට ඇවිත් පෙළහර පෑ හැකි ද ලියේ
දැනට අහිමි මුත් පණ ඇති පෙමකි ළයේ