හද මැස්ම
දිනක පිටමන් වුනා මන්දිරය හැර දමා
මතකයන් පොදි ගසා බෑගයක අහුරලා
උණුයුරුව ගිය කඳුළු දොරගුළේ හිර කළා
පුරුදු බුමුතුරුණ යට යතුරු ටික හැංගුවා
කහට යහමින් දමා තේ එකක් වත් කළා
මේසේ උඩ වහලා ඇති නිවෙන්නට නම් එපා
ආස කළ ටෙඩී බෙයා යහනතේ නිදි කලා
ඇහැරවන්නට එපා හොයයි මං කොහෙ කියා
කෑම ඇති සීතලට දවස් පහකට උයා
පෙට්ටි ටික නම් කලා නරක් වේ යැයි සිතා
කොට්ටේ යට බලන්නකො දුක හිතෙයි දැක ඔයා
රන් මුදුවේ තුවාලෙට බේත් ගල්වනු එපා
කමිස ටික හෝදලා කාමරේ එල්ලුවා
පලුදු වු ජනේලය රෙද්දකින් හැඩ කලා
බිඳුණු කැඩපතින් දුටු ආත්මය ගල් වෙලා
කඳුළු පැල්ලම් එක්ක හද මැස්ම තද කළා
Photo Credit: Kent Lister Abao
මතකයන් පොදි ගසා බෑගයක අහුරලා
උණුයුරුව ගිය කඳුළු දොරගුළේ හිර කළා
පුරුදු බුමුතුරුණ යට යතුරු ටික හැංගුවා
කහට යහමින් දමා තේ එකක් වත් කළා
මේසේ උඩ වහලා ඇති නිවෙන්නට නම් එපා
ආස කළ ටෙඩී බෙයා යහනතේ නිදි කලා
ඇහැරවන්නට එපා හොයයි මං කොහෙ කියා
කෑම ඇති සීතලට දවස් පහකට උයා
පෙට්ටි ටික නම් කලා නරක් වේ යැයි සිතා
කොට්ටේ යට බලන්නකො දුක හිතෙයි දැක ඔයා
රන් මුදුවේ තුවාලෙට බේත් ගල්වනු එපා
කමිස ටික හෝදලා කාමරේ එල්ලුවා
පලුදු වු ජනේලය රෙද්දකින් හැඩ කලා
බිඳුණු කැඩපතින් දුටු ආත්මය ගල් වෙලා
කඳුළු පැල්ලම් එක්ක හද මැස්ම තද කළා
Photo Credit: Kent Lister Abao