ආදරී
දැන් දවස් ගෙවෙන්නේ
ඉබි ගමනින් ය....
උදේ ලා තැඹිලි අහස
හවස
තද රතට හැරෙන තෙක්
වන කාලය
ගෙවා ගන්නට බැරි
තරමටම උණුසුම්ය....
ඉස්සර මෙන්
ගස්ලබු තීරුවක් උලා කන
ලෙහෙනුන්
බත් ඇට අහුලන දෙමලිච්චන්
තියා
වතුර බොන්නට එන
කපුටන් වත් දැන්
දකින්නට නැත.......
ඇන්තූරියම් මලක්
ඉඳහිට නටුවකින් එබී
සුළං තාලයට ඔහේ පැද්දෙයි
රෝස ගස් කණාටුව
බිම වැතිරෙන්න
ඉඩ සොයයි.....
දවසක නිස්කාන්සුවේ
හවසක කියවන්නයි කියා
අපි ගෙන ආ පොත් සියල්ලම
රාක්ක මත දූවිලි වැලඳගෙන
මං දිහා බල බලා රවයි.....
කාලය පිළිබඳ නිනව් නොවෙයි
කපුගේ හඬින්
තරු මල් පොඩි කරයි
මගේ සිත
සත වරුස ගාණක එපිට
යැයි සිතෙන තරම්
ඔබ උන් මතක මත
ඔහේ සක්මන් කරයි.......
මතුගම
ඉබි ගමනින් ය....
උදේ ලා තැඹිලි අහස
හවස
තද රතට හැරෙන තෙක්
වන කාලය
ගෙවා ගන්නට බැරි
තරමටම උණුසුම්ය....
ඉස්සර මෙන්
ගස්ලබු තීරුවක් උලා කන
ලෙහෙනුන්
බත් ඇට අහුලන දෙමලිච්චන්
තියා
වතුර බොන්නට එන
කපුටන් වත් දැන්
දකින්නට නැත.......
ඇන්තූරියම් මලක්
ඉඳහිට නටුවකින් එබී
සුළං තාලයට ඔහේ පැද්දෙයි
රෝස ගස් කණාටුව
බිම වැතිරෙන්න
ඉඩ සොයයි.....
දවසක නිස්කාන්සුවේ
හවසක කියවන්නයි කියා
අපි ගෙන ආ පොත් සියල්ලම
රාක්ක මත දූවිලි වැලඳගෙන
මං දිහා බල බලා රවයි.....
කාලය පිළිබඳ නිනව් නොවෙයි
කපුගේ හඬින්
තරු මල් පොඩි කරයි
මගේ සිත
සත වරුස ගාණක එපිට
යැයි සිතෙන තරම්
ඔබ උන් මතක මත
ඔහේ සක්මන් කරයි.......
මතුගම