ඩී. අමරසිරි ගුණවර්දන නවසීලන්තය

2025 අගෝස්තු කලාපය

වේදනාව

සඳ නැග එද්දි සැන්දෑවට පැල් පතට

මඳ අඳුරේ සිහින දුටුවා ඇගෙ රුවට

බෝ කල් ගතව ඇය ගිය පසු නගරයට

මුළු ගම අඳුරු වී යැයි සිතෙනවා මට



පුන් සඳ පවා වසමින් නැඟේ කළු වලා

පන්සල දෙසට යන විට එයි මතක ගලා

ඇය ළඟ ඉඳන් බෝධිය යට සිනහ සළා

ගිය හැටි සිහිවෙද්දි එනවා කඳුලු ගලා



පංතියෙ දිනපතා උදයේ හමු වීලා

කළ කී කතා නිම නැත එයි සිතට ගලා

ගුරු තුමියගේ අවවාද ද ඉවත හෙලා

ඔබ කී වදන් සිහිවී යයි කඳුලු ගලා



මා තනි කරල ඔබ අද හොර රහසේම

කෙළසා ආදරය යන ඒ සොඳුරු දම

යන ගමනට පතා සුබ මා ගම මැදම

හිනැහෙන ඔවුන් වෙත කරනෙමි සමුදීම


Photo Credit;Gwyn Hay
View Poem