ඔබෙයි මගෙ හිත් අහස..
වෙරළ ලද හාදුවක
තෙතමනය මිසක
ආලයක් ගැන වගක්
කියන්නේ කවුද
පාළුවක් දැනුණ විට
හිත කැබලි කෙරුව
ප්‍රේමයට මේ තරම්
රුදුරු විය හැකිද?
කවිකාර හැන්දෑව
මග බලන් හිටිය
හිමිකාර සකිය නුඹ
සරදම් ම කෙරුව
වැටෙන්නට නොදී
පස් යට බදා සිටිය
නොපෙනෙනා මුල් පොකුර
ගැන වගක් නැතිද?
ජාති ජාතිත් පතන
ඒ අරුම හුස්ම
පාවෙලා යයි නැවත
ක්ෂිතිජ ඉම තෙක්ම
වදන් සඟවා හඬන
සෙනේ පන්හිඳට
හෙට සිටන් හිමිවේවි
මගේ හිත් අහස!!!
Photo Credit; Prophsee Journals
තෙතමනය මිසක
ආලයක් ගැන වගක්
කියන්නේ කවුද
පාළුවක් දැනුණ විට
හිත කැබලි කෙරුව
ප්‍රේමයට මේ තරම්
රුදුරු විය හැකිද?
කවිකාර හැන්දෑව
මග බලන් හිටිය
හිමිකාර සකිය නුඹ
සරදම් ම කෙරුව
වැටෙන්නට නොදී
පස් යට බදා සිටිය
නොපෙනෙනා මුල් පොකුර
ගැන වගක් නැතිද?
ජාති ජාතිත් පතන
ඒ අරුම හුස්ම
පාවෙලා යයි නැවත
ක්ෂිතිජ ඉම තෙක්ම
වදන් සඟවා හඬන
සෙනේ පන්හිඳට
හෙට සිටන් හිමිවේවි
මගේ හිත් අහස!!!
Photo Credit; Prophsee Journals