සුනිල් පෙරේරා - ලින්කන්ෂයර් - එංගලන්තය

2025 අගෝස්තු කලාපය

හීන

ජීවන ඔරු පැදයන්නට හබලක් නැති කල
සයුරේ නැව් ගෙනියන හැටි තිබ්බෙ හීන වල
එක විදියට හිතාපු හැටි පිස්සුත් කෙල කෙල
මතකය පමණකි ඇත්තේ ඉතිරිව හිත තුල


ගැණ ගන්ටත් බැරි විදියට එක්වී සිටි සඳ
තරුණ කාලෙ කොච්චරවත් යාලුවො හිටි යද
අර ගත්තත් ලොකු කඹයක් තියා ගන්ට බැඳ
ගැටේ ලිහිල උන් ඔක්කොම සීසීකඩ අද


අතාරින්න කලින්ම අතඇරුනම ඇති දුක
සරුංගල් වෙලා හැමෝම පාවී යන එක
නිම වෙනතුරු සසර ගමන යම් කිසි දව සක
හීන දකිමු විඳින්න තව්තිස සම්පත් නෙක
View Poem