නමදිමි නුඹව ඒ බුහුමන් හැම මට පිදුව
බිරිඳය කියන පදවිය ලැබු
එ, පලමුදිනේ
සත්තයි තවම දැනෙනවපිරු
ඔබගෙ සෙනේ
පිංබර නෙතඟ දිදුලපු හැටි
මතකය, කොනේ
දිවිමග සවිය එලිවී ලැබු
වරමකි ,පිනේ
දසමස කුසදරා දරුවන්
ලොව බිහිකෙරුව
රතුලෙය කිරට පෙරමින්
කුසගිණි පිරුව
අම්මායන කිරුළ සතුටින්
මගෙ හිස තැබුව
නමදිමි නුඹව ඒ බුහුමන්
හැම මට පිදුව
මහමෙර නුඹම වූ සෙවනේ
මම කල්මැරුව
හඬනා විටදි කිරිදරුවන්
රෑ නිදිවැරුව
යහනේ කොනකහිද නුඹ මට
නිති සවි පිරුව
මතකය අදත් සවියකි නුඹ
මගෙ දිවි තරුව
නවසීලන්තයේ සිට
එ, පලමුදිනේ
සත්තයි තවම දැනෙනවපිරු
ඔබගෙ සෙනේ
පිංබර නෙතඟ දිදුලපු හැටි
මතකය, කොනේ
දිවිමග සවිය එලිවී ලැබු
වරමකි ,පිනේ
දසමස කුසදරා දරුවන්
ලොව බිහිකෙරුව
රතුලෙය කිරට පෙරමින්
කුසගිණි පිරුව
අම්මායන කිරුළ සතුටින්
මගෙ හිස තැබුව
නමදිමි නුඹව ඒ බුහුමන්
හැම මට පිදුව
මහමෙර නුඹම වූ සෙවනේ
මම කල්මැරුව
හඬනා විටදි කිරිදරුවන්
රෑ නිදිවැරුව
යහනේ කොනකහිද නුඹ මට
නිති සවි පිරුව
මතකය අදත් සවියකි නුඹ
මගෙ දිවි තරුව
නවසීලන්තයේ සිට