අග්බෝ
කළා වැවට බැස පිඹ පිඹ දිය බිංදු
කලාවකට යන ගමනෙන් ඇස බැන්දු
මහා හඬට කිය කිය ඇවිදින සින්දු
හඹා ඇවිත් ඉඳහිට මර බිය රැන්දු
කුසේ ගින්න නිවනට තැන තැන සැරුවා
රසේ විඳින මග අවුරා වැට තැනුවා
හිසේ හැරණු අත බියටම හොඬ වැනුවා
පසේ මිතුරු දන ගිනි බිඳ වින කෙරුවා
මලේ අරුම තුරු මුදුණක පිපි කලට
ජලේ අසිරි උපදින කල රළ පෙළට
දළේ අයිති වන සරනා ඇත් රජුට
කුළේ මිනිසුනේ නොතියනු අත පවට
කලාවකට යන ගමනෙන් ඇස බැන්දු
මහා හඬට කිය කිය ඇවිදින සින්දු
හඹා ඇවිත් ඉඳහිට මර බිය රැන්දු
කුසේ ගින්න නිවනට තැන තැන සැරුවා
රසේ විඳින මග අවුරා වැට තැනුවා
හිසේ හැරණු අත බියටම හොඬ වැනුවා
පසේ මිතුරු දන ගිනි බිඳ වින කෙරුවා
මලේ අරුම තුරු මුදුණක පිපි කලට
ජලේ අසිරි උපදින කල රළ පෙළට
දළේ අයිති වන සරනා ඇත් රජුට
කුළේ මිනිසුනේ නොතියනු අත පවට