සුමිත්‍රා ආරියවංශ මහනුවර

2025 අගෝස්තු කලාපය

දවාලකින් බැරිද එන්න

මන්දාරම් වැහි වළාව මුලු අහසම වටලනවා
ඇස් මානෙන් අකුණු කොටා එළි පිට එළි විහිදෙනවා
දෝංකාර දෙන සද්දෙට කනේ අගුලු හිරවෙනවා
ඩෝං කියා පුපුරාවිද බයටම අපි ගෙට වෙනවා

උදෙන්ම ගිය අප්පච්චී තවමත් නහැනේ පෙනෙන්න
මහ වැස්සක් ඇද හැළුනොත් ඇත්තේ වක්කඩ කපන්න
ඉහ උස්සන පොඩි පැළපත ගොබත් ඵක්ක ගයි තැළෙන්න
අම්මා කිය කිය දොර ළඟ පරක්කු වෙයි අද උයන්න

පාඩම් පොත පෙරළන්නේ අම්මගෙ ඇති කරදරේට
පුංචි අපේ හිත යන්නේ අප්පච්චිගෙ හුරතලේට
ඇස් ටික ටික පියවෙන්නේ බඩගින්නෙම නිදිමතේට
වැස්ස අනේ බැරිද එන්න දවාලකින් හෙට දිහාට

Photo Credit; Max LaRochelle
View Poem