රාජකීය පණ්ඩිත පනාමුරේ තපස්සී හිමි - ලන්ඩනය

2025 අගෝස්තු කලාපය

අත දී සැමට අද ජීවත් වෙමු සැම හා

දුක ඇති කරයි සමහරුනට අතීතය
සතුටම ගෙනෙයි ඇතැමුන් හට අතීතය
මට නම් සිහිනයක් පමණයි අතීතය
අමතක කරමු දුක ගෙන දෙන අතීතය

සැලසුම් අවැසි වෙයි මතු දිනයන් සඳහා
කැප කළ යුතු නොවෙයි සැම දෙය ඒ සඳහා
යා යුතු වෙයි ගමන නෙක දුක් සැප හරහා
අත දී සැමට අද ජීවත් වෙමු සැම හා

පුරවා බැංකු පොත් උපයන
සැම ධනයෙන්
තුටුවෙති කෙනෙක් කෑමක් කා තොර ගුණයෙන්
නොසිතූ ලෙසට ඒ සැම තිබියදි එනයෙන්
යාමට ඉඩ තිබේ දිවි හැරදා සැණයෙන්

තමනුත් නොකා අන් අයටත් නොදී කිසිත්
රැකගත් ධනය අතහැර නොම ඇතිව තුසිත්
ගිය කල ලොවෙන් සමුගෙන ඔබ නොසිතු කිසිත්
පුඟුලෙක් ධනයෙ හිමිකරු ලෙස පෙරට බසිත්

එනිසා ධනය උපයා අපි සැවොම සොඳින්
හතරෙන් එකක් වෙන්කොට හෙට දිනට ඉඳින්
කා බී සතුටු වී දුක හැකි ලෙසට සිඳින්
අන් සැම දෙනාටත් අත දී වසමු සොඳින්


2025 / 07 / 27

Photo Credit; Austin Kehmeier
View Poem