ගත් කතු, සංගීතඥ මාලපල්ලේ කුමුදු අමරසිංහ ලන්ඩනය

2025 අගෝස්තු කලාපය

සෙල්කවි-5 - සුකුරු

හකුරු වගේ “රසකුරු” කරනුව එ තැනේ
යන - එන විට දි දැණුනේ සිතට සතුටනේ
ඒ තැන “කාබසිනියා” වන ලකුණු දැනේ
කා හට දැන් කියමි මේ “අවනඩුව” අනේ!

හෙල දූ - පුතුන් ගිය පාරෙ ම අප ද ගියා
පත - පොත රැගෙන දහම ද සොබ වි‍‍‍‍‍ද ම සොයා
උරුමය අපේ ඉතිහාසය මුදුණෙ තියා
මීමුත්තන්ගෙ වැඩ විස්මිත වැණුම් කියා

අතුරු මිතුරු දඹ දිවි තුරු
සතුරු නොවී වෙමින් කතුරු
හකුරු වගේ ඇති රසකුරු
අපි කෑවෙමු වෙමින් පොකුරු

මැතිරු මැතිරු නෙක මැතිවරු
කලක පටන් පැතිරු පැතිරු
දිග - පළලට ඇතිරු ඇතිරු
බේගල් ඇද බාති හතුරු

උපන් ගමක් නමක් නොදත
එකෙක් වනු ද කැමැති උගත
ඇති ද යමෙක් ඉහළට වෙත
උන්හිටි තැන - තොතැන නොදත

මව්- පිය අබිමන් නොදන්න
ඇතොත් දූ - පුතකු වැන්න
අතීතයක රස නොදන්න
“නොට්ටිගෙ දරුවෙක්” ම වැන්න

ලෝක සොබාවට දුවන්න
ලෝකෙට ගනු-දෙනු කරන්න
ඇති ඉතිහාසය මරන්න
ඒ අවියක් නොකර ගන්න

කොයි රජු රජ කළත් පුතේ
නුඹ අප සැම රජුන් පුතේ
රට ගෙන යනවුනුත් පුතේ
අපට රජෙක් නොවෙයි පුතේ

අකුරු කරපු “සම - හරක්ට”
ගව-එළු-සූ -කර නොවන්ට
මොළේ අබඇටක අඩුවට
තිබෙන බව කියමි මොනවට

නොතිබෙන හින්දා ද කොහෙද
ගෙන එන්නට ඇණැවුම් වෙ ද
අකුරු කරනු රිසි සදනු ද
සුකුරු ගෙනෙනු ඇත මතු ව ද!

Photo Credit; Tarikul Raana
View Poem