නිවෙමු!
මල් දහසක් ගුවනින් බිම හෙලුවාම
අට පිරිකර කිරි වෙහෙරට පිදුවාම
කරඩුව හිස තබා පැතුමන් පැතුවාම
නිවනට මගද එක මොහොතක් සිතුවාම
අට සිල් අරන් පසලොස්වක ලැබුවාම
උත්තර සාටකේ පලදන් සිටියාම
කාය වාච දොර සන්වර කෙරුවාම
නිවනට වෙත්ද සිත ඔහෙ සැරි සැරුවාම
රාග ද්වේශ මුල් ගලවා දැමුවාම
සතර සතිය සිහි නුවනින් වැඩුවාම
නැසී සන්කාර රැස්කල හැමදාම
නිවනට පත්වේවි සැක නැහැ ඉදුරාම
අට පිරිකර කිරි වෙහෙරට පිදුවාම
කරඩුව හිස තබා පැතුමන් පැතුවාම
නිවනට මගද එක මොහොතක් සිතුවාම
අට සිල් අරන් පසලොස්වක ලැබුවාම
උත්තර සාටකේ පලදන් සිටියාම
කාය වාච දොර සන්වර කෙරුවාම
නිවනට වෙත්ද සිත ඔහෙ සැරි සැරුවාම
රාග ද්වේශ මුල් ගලවා දැමුවාම
සතර සතිය සිහි නුවනින් වැඩුවාම
නැසී සන්කාර රැස්කල හැමදාම
නිවනට පත්වේවි සැක නැහැ ඉදුරාම