තුෂාරි ජයසිංහ මහනුවර

2025 අගෝස්තු කලාපය

මිඩියගේ පැතුම

පැතුම් වලටත් උඩින් කාසි කොළ දිලෙනවා
අඩ පැයක ඉසිඹුවත් අකැප වී ගෙවෙනවා
පුතේ ඔය ඇස් පතුලෙ කාන්තිය මැවෙනවා
යෝධ සවි ශක්තියක් හදවතට දැනෙනවා

ගැටෙන බඳුනක හඬින් පියවි ලොව දකිනවා
සිනාවන් මවාගත් මුහුණු සැරි සරණවා
ඉඳුල් කළ භාජනය වගේ යයි සිතනවා
බඹරු වගෙ දෙඹරු විත් අනින්නට හදනවා

රෑට හඳ දිය දිගේ මගේ හිත දුවනවා
අප්පච්චිගෙ සුවඳ මගේ හිත වහනවා
පුතාගේ උණුසුමත් තාම ළඟ තියෙනවා
උදේ පිපි මලක් සේ මමත් තව ඉන්නවා

කාසි කොළ පෙරළලා පුතේ මුතු අකුරකට
ඉරටවත් නොදෙවෙනිව නැගීයන් අහසකට
පොඩි ඉඩක් තියාපන් හිතේ කොනකට වෙන්ට
එපා රිදවුම් දෙන්න කිසිමදා මිඩියකට

2025.07.04
View Poem