එසඳ...
එසඳ
ඒ පැතිරුණු
විසල් සෙල මත හිඳ
සුළඟට සෙමෙන් ඉරී යන
විසල් වළාකුලු දෙස
බලා සිටියාය
ඒ කුඩා ළදැරිය
තුරග වෙස් ගත්
වලාවක් දැක
නැග එපිට එසැණින්
සරන්නට විය
අනන්තයක් නොපෙනෙන
අහස් පලස මත
නෙළාගනු වස් දෙනෙතින්
පළමුව අහසට බසින
සුදු මැළි ඒ සැඳෑ තරු කැට...
ඒ පැතිරුණු
විසල් සෙල මත හිඳ
සුළඟට සෙමෙන් ඉරී යන
විසල් වළාකුලු දෙස
බලා සිටියාය
ඒ කුඩා ළදැරිය
තුරග වෙස් ගත්
වලාවක් දැක
නැග එපිට එසැණින්
සරන්නට විය
අනන්තයක් නොපෙනෙන
අහස් පලස මත
නෙළාගනු වස් දෙනෙතින්
පළමුව අහසට බසින
සුදු මැළි ඒ සැඳෑ තරු කැට...