රෑට අගුපිලෙ සුවඳ කුමකට.............
පිපෙන තරුකැට තෙම තෙමා ඉස
පොකුරු පිනිබිඳු තාලයට බැස
සොඳුරු රෑ මල් පෙතක බිඟු ගොස
රැයෙහි අඳුරය කවියකට යස
රුදුරු දහවල ගිනි වැදුන පුර
නැගෙන මිරිඟුව දෑස යාකර
වෙහෙස ඉවසන දනෝ හති ඇර
වැතිර අතහැර සිහිනයක බර
අකුරු විකිණෙන සිල්ප සල් පිල
හිනැහි ඇදුරිඳු ඇලුනි බැමිවල
කඳුලු ඉහිරී රිදුන සිත් සල
සුසුම් තැවරී පැල්ලමකි දුල
මහත් ගම්බිර පෙනුම මගහැර
පිපෙත් වෙද මුව සිනා බැතිබර
නැගෙත් සියොළඟ කුලුපඟුවෙ සර
ළතෙත් ජීවක සුදෙව් ලොව දුර
පාට අඩුවුන ලයිට් එලි යට
ගාට අමුනන රහස් එකපිට
කාට කවුරුත් මතකෙ නැතිකොට
රෑට අගුපිලෙ සුවඳ කුමකට
සාදු හඬමය දසත දෙදරන
මෝදුවෙන සඳ මලද රැවටෙන
පේවී පේවී පසඟ පිහිටන
මාර දූතයො තුටින් සනසන
මවා බඹයක සියලු ලෝකය
නිවා සැනසුම සොයනු නාකය
කවා සයදෙව් සැපය මේකය
පොවා බවරුචි කුමට මේ කය
පොකුරු පිනිබිඳු තාලයට බැස
සොඳුරු රෑ මල් පෙතක බිඟු ගොස
රැයෙහි අඳුරය කවියකට යස
රුදුරු දහවල ගිනි වැදුන පුර
නැගෙන මිරිඟුව දෑස යාකර
වෙහෙස ඉවසන දනෝ හති ඇර
වැතිර අතහැර සිහිනයක බර
අකුරු විකිණෙන සිල්ප සල් පිල
හිනැහි ඇදුරිඳු ඇලුනි බැමිවල
කඳුලු ඉහිරී රිදුන සිත් සල
සුසුම් තැවරී පැල්ලමකි දුල
මහත් ගම්බිර පෙනුම මගහැර
පිපෙත් වෙද මුව සිනා බැතිබර
නැගෙත් සියොළඟ කුලුපඟුවෙ සර
ළතෙත් ජීවක සුදෙව් ලොව දුර
පාට අඩුවුන ලයිට් එලි යට
ගාට අමුනන රහස් එකපිට
කාට කවුරුත් මතකෙ නැතිකොට
රෑට අගුපිලෙ සුවඳ කුමකට
සාදු හඬමය දසත දෙදරන
මෝදුවෙන සඳ මලද රැවටෙන
පේවී පේවී පසඟ පිහිටන
මාර දූතයො තුටින් සනසන
මවා බඹයක සියලු ලෝකය
නිවා සැනසුම සොයනු නාකය
කවා සයදෙව් සැපය මේකය
පොවා බවරුචි කුමට මේ කය