අමිතා පද්මකුමාරි

2025 අගෝස්තු කලාපය

ගමට යන දුම්රිය

කඳු වැටි තැනිතලා
පසුකරන් කෙත් වතු ද
නෙක මලින් පිරි
උයනක සිරි මැදින්

රිංගමින් බිං ගෙයින්
නදී තරණය කරන්
ගැස්සෙමින් පැද්දෙමින්
නැවතී ගිමන් හැර

අතවනන පොඩි පැටව්
සිනාසෙන ලෙච්චමීලා
පසුකරන් පැමිණියා
ගම්පියස වෙත යළිත්
View Poem