දයාන් කන්නන්ගර - මියගියත් සැපකි හෙට
පහත්කරගත් හිසින්
වැටුණු දණහිස් දෙකෙන්
ඉදිරියක් නැති ලෙසින්
සදාකල් රැවටෙමින්
සුවච කීකරු වෙමින්
වැඩවසම් නමට බිය
තුන්හෙලේ දාසයන්
දෑස බැදී කඩතුරා
ඉරා විසිකරලමින්
එකිනෙකා වෙත පවතී
බේද ඉවතට ලමින්
දුපතක් වසාලු
දැල් පවුරු බිදලමින්
රොකට් වෙඩි බෝම්බෙන්
මිසයිලද, තුවක්කුද
සියලු බලයට වඩා
බලවත්ම බලයකින්
අනුනව සන්නද්ධ
නොකර වැඩියෙන් සද්ද
කතිරයක පැන්සලක
තිබුනාද බල මෙලෙස?
වටුකුරුල්ලන් එදා
දල රැගෙන ගිය ලෙසින්
හෙටට හිරු පායාවි
අමා වැස්සක් ලෙසින්
පිරිසිදුව සුදුවතින්
සිනාමුව සරසමින්
හුදීජන රවටමින්
මඩිය තරකරවමින්
වස පොවා මරවමින්
මාපිලුන්, පොලොන්ගුන්
ලේ උරණ කුඩලුන්
පිළිවෙලට පිලිවෙලින්
අධිකරණ වෙත යමින්
යදම් රස ඉවසමින්
සිපිරි රස රස විදින
මේ දසුන දකින්නට
මේ රටේ දුක්විදින
සුවහසක් ජන තොමෝ
හදේ ගැබුරුම තැනින්
පැතු දහසක් පැතුම්
ඉටුවෙනා අයුරු දැක
මියගියත් සැපකි හෙට
වැටුණු දණහිස් දෙකෙන්
ඉදිරියක් නැති ලෙසින්
සදාකල් රැවටෙමින්
සුවච කීකරු වෙමින්
වැඩවසම් නමට බිය
තුන්හෙලේ දාසයන්
දෑස බැදී කඩතුරා
ඉරා විසිකරලමින්
එකිනෙකා වෙත පවතී
බේද ඉවතට ලමින්
දුපතක් වසාලු
දැල් පවුරු බිදලමින්
රොකට් වෙඩි බෝම්බෙන්
මිසයිලද, තුවක්කුද
සියලු බලයට වඩා
බලවත්ම බලයකින්
අනුනව සන්නද්ධ
නොකර වැඩියෙන් සද්ද
කතිරයක පැන්සලක
තිබුනාද බල මෙලෙස?
වටුකුරුල්ලන් එදා
දල රැගෙන ගිය ලෙසින්
හෙටට හිරු පායාවි
අමා වැස්සක් ලෙසින්
පිරිසිදුව සුදුවතින්
සිනාමුව සරසමින්
හුදීජන රවටමින්
මඩිය තරකරවමින්
වස පොවා මරවමින්
මාපිලුන්, පොලොන්ගුන්
ලේ උරණ කුඩලුන්
පිළිවෙලට පිලිවෙලින්
අධිකරණ වෙත යමින්
යදම් රස ඉවසමින්
සිපිරි රස රස විදින
මේ දසුන දකින්නට
මේ රටේ දුක්විදින
සුවහසක් ජන තොමෝ
හදේ ගැබුරුම තැනින්
පැතු දහසක් පැතුම්
ඉටුවෙනා අයුරු දැක
මියගියත් සැපකි හෙට