කපිල ෆොන්සේකා කොළඹ

2025 අගෝස්තු කලාපය

ඉතින් වේවිද මේ ඒ දවස.........

මෑත් කර රාත්‍රියෙහි සළුව
ඇතුල් වුනෙමි දවසට
උදයේම පිබිදී
සතුටු සිත් ඇතිකර
තුටින් හිඳිමියි සිතා දවසම

පිටත ගස්වැල් රූරා බසී
අරුණෝදයේ පිනි දැල්
සෝදා හරිමින්
රාත්‍රිය මිරිකා හල ඒ
දුක් දෝමනස්සයන් සියල්ල

ඉතින් වේවිද මේ
ඒ දවස
සතුටම පමණක් ලැබෙන
සැනසීමම පමණක් ලැබෙන

සහතිකයි වනු ඇති අදත්
අඩුත් නැති වැඩිත් නැති
සියල්ල සමෝසමව ලැබෙන දවසක්
සවසට
සෝදාලන්නට බිඳක් හෝ
දුක් දෝමනස්සයන් ද එක්කරන....

Photo Credit; Anja van de Gronde
View Poem