මහාචාර්ය මනෝරි ගමගේ හැව්ලොක් ටවුන්

2025 ජුලි කලාපය

හීන

මකනු බැරි නෙක රටා හදේ ගැඹුරෙම අඳියි
ලියනු බැරි පද ගොතා හිතට කොනකින් එබෙයි
රිදුණු තැන් අත ගගා සෙමින් පිළියම් කරයි
මැරණු හිත ඇහැරවා රෑ පුරා පණ පිඹියි

පියවි දෑසින් ළඟට දිගු කරනු බැරි දෑත
බැඳුණි එකිනෙක තදට නිශාවකදී සීත
කුරවි ගීයක් ගෙතුණු දෙව්ලොවින් බෝ ඈත
මලවි හීයක එතී කරයි හද සමපාත

සඳ පිපුණ මහ රෑක නිදන දෑසට එබෙන
මදකිපුණ ඇත් රංචු සදිසි සිතුවිලි රඟන
නද නොමැති රස කතා එකට ගැළපී ඇසෙන
ලද නොලද බව අතර දුර මකයි සුව සිහින
View Poem