පැරණි පෙම මගෙ සිහිවෙලා,,,,,,
ඉසුරුමුණියේ ගල් තලාවට
සඳ නොපායපු හවස් යාමෙක
ඔහේ නිකමට ගොඩඋනා
පැරණි පෙම මගෙ සිහිවෙලා
පහන් දැල්ලක එළිය ගෙන ඔබ
ආව යුරු මට ගෙන සිනා
කුරුළු තටු ගෙන පවන් සලමින්
සිහිනවල මා සැතපුවා
අමාවක රෑ එළිය කරලූ
පහන් දැල්ලට සැනසිලා
ගිලී නිවුනා සසර සැනසුම
පහනෙ උණුසුම තුළ සිතා
සුළගෙ තාලෙට හැඩට නටනා
දැල්ලෙ රස්නෙට මත්වෙලා
ළයේ පිරි සෙනෙහසේ තෙල්ටික
පෙමින් පහනට වත්කලා
සුදිළෙනා දැල්ලේ හැඩට හිත
වසඟ වීලා පෙම් කළා
හෙමි හෙමින් ළය සෙනෙහෙ තෙල් ඇය
උරා මා ළය හිස් කලා
ප්‍රේමයේ අරුමැසිය සිතමින්
ළය සෙනෙහෙ තෙල් පුදකලා
අවසනේ සුළඟට දැනී පෙම
සුළඟ ළඟ නිවිලා ගියා
අතිර ලෝකයෙ තිරවු කිසිවක්
නොමැති හින්දා හිත හදා
ඉසුරුමුණි ගල බැසන් පහළට
යන්න මා පය එසවුවා
සසර කෙලවර තෙක් යනෙන පෙම්
පුවත් ලොව බෝ තිබෙනවා
එළෙස කියලා කවුද දෙදෙනෙක්
මුමුණනවා මට ඇසෙනවා
හොරෙන් හැරිලා බලද්දි මා
කවුද ඒ දෙදෙනා කියා
ඉසුරුමුණි පෙම් යුවල හිටියා
පෙමින් තවමත් පෙර ලෙසා
සඳ නොපායපු හවස් යාමෙක
ඔහේ නිකමට ගොඩඋනා
පැරණි පෙම මගෙ සිහිවෙලා
පහන් දැල්ලක එළිය ගෙන ඔබ
ආව යුරු මට ගෙන සිනා
කුරුළු තටු ගෙන පවන් සලමින්
සිහිනවල මා සැතපුවා
අමාවක රෑ එළිය කරලූ
පහන් දැල්ලට සැනසිලා
ගිලී නිවුනා සසර සැනසුම
පහනෙ උණුසුම තුළ සිතා
සුළගෙ තාලෙට හැඩට නටනා
දැල්ලෙ රස්නෙට මත්වෙලා
ළයේ පිරි සෙනෙහසේ තෙල්ටික
පෙමින් පහනට වත්කලා
සුදිළෙනා දැල්ලේ හැඩට හිත
වසඟ වීලා පෙම් කළා
හෙමි හෙමින් ළය සෙනෙහෙ තෙල් ඇය
උරා මා ළය හිස් කලා
ප්‍රේමයේ අරුමැසිය සිතමින්
ළය සෙනෙහෙ තෙල් පුදකලා
අවසනේ සුළඟට දැනී පෙම
සුළඟ ළඟ නිවිලා ගියා
අතිර ලෝකයෙ තිරවු කිසිවක්
නොමැති හින්දා හිත හදා
ඉසුරුමුණි ගල බැසන් පහළට
යන්න මා පය එසවුවා
සසර කෙලවර තෙක් යනෙන පෙම්
පුවත් ලොව බෝ තිබෙනවා
එළෙස කියලා කවුද දෙදෙනෙක්
මුමුණනවා මට ඇසෙනවා
හොරෙන් හැරිලා බලද්දි මා
කවුද ඒ දෙදෙනා කියා
ඉසුරුමුණි පෙම් යුවල හිටියා
පෙමින් තවමත් පෙර ලෙසා