නික් ග්ලෙන් උතුරු අයර්ලන්තය

2025 ජුලි කලාපය

අපේ රූ රැජිනට,...!

වත සිරියාව, දැනුමද, යහ ගුණෙන් උස
මත වාදයෙන් තොර රුව හා ගෙනා පැස
තම රට දිනාගෙන ලෝකෙත් දිනන ලෙස
කිත ගොස නැගුව ඇය රැජිනක් වෙන්ට යස!

ඇය ගිය ගමන, ඔසවාගෙන මව් දෙරණ
දැය සෙනෙහසින් නරඹා පැතුවෙම සරණ
ළය තෙම තෙමා දුක සතුටද යා කරන
දියනිය නංවපන් අද ජයකොඩි ඒ අරණ!
View Poem