කරමි ඇරයුම..........
තෙමා මුසුකොට සොඳුරු සෙනෙහස නැවුම් හදවත් වත්සුනින්
පෙමා සිහිනෙට පිටව යන හැටි පැතුම් තවරන් සිත් කොනින්
පමා වෙනවට දෙපය තැබුවට මදක් කඩිනම් සක්මනින්
නිමා කරනට හැකිය ගමනම මෙහෙන් ගියොතින් ඉක්මනින්
අහිමි ළතැවුම සැකය දෙසිතෙන් පාවෙලා කඳුළැලි නිවේ
පතමි සැනසුම පිරෙනු සෙනෙහෙන් පීදිලා මදහස මුවේ
නොනිමි සසරම දුකකි දැනුණොත් වේදනා උතුරන භවේ
කරමි ඇරයුම ගමන මෙතනින් පාදවාගෙන යමු සුවේ