සුමිත්‍රා ආරියවංශ මහනුවර

2025 ජුලි කලාපය

සඳ යායේ

සඳ දිය ගලා තෙත බර වුණු වනන්තරේ
දහවල පැලඳි සළු ගිළිහෙයි සුළන් සැරේ
සැඩ හිරු පුළිඟු විසිරෙන තුරු එ'රන් ගිරේ
රසවත් හැඟුම් ඔපවත් වෙයි නිරන්තරේ

අතු ඉති දොවා විත් බිඳු බිඳු ඉවත ගලා
සඳ දිය රැලි නගයි පාවෙන අතට වලා
මිණි ලෙස දිලෙන විට ගං තෙර පුලින තලා
නෙතු පිය සලති රන් තරු කැට ඔකඳ වෙලා

දෙපසට බෙදා රැළි ගවසන විට පීරා
සිසිකත වරළ අත හැරෙනා ලෙස රෑරා
අරුණලු එබෙන තුරු නිසකත හද පාරා
සිලි සිලි හඬින් බැස යයි කලදෝ දාරා

අරුණලු සමග අතහැර බිඳ බිඳ සායම්
පැහැසර මවා වෙන් කරවන තුරැ මායිම්
යාකර ශිකර මිටියාවත් කඳු බෑවුම්
මුළු වන පෙතම එක යායකි බොඳ මීදුම්..


දිගන.
View Poem