බත් ගස
බත් ගසක් අත්තම්මා කියනු
ඇසෙන විට එ'සඳ
මැවුණි ගසක් මා මනස
බත් ඇට අතු ඉති පුරා ගැවසුණ
ඉක්ම ගොස් සිව් දශකයක්
පාමුළ හැලී වැගිරෙන
දුගඳ පතුරන වැල කුණු
බුදිනට දිව එයි සුනඛයින්
සති පොළෙන් ඉඳහිට
කොස් මදුලු උරයක්
රැගෙන එමි මම ද පිසින්නට
කිරි කොස් පෙර පුරුද්දට
පුතුගෙ දෙමහල් නිවසේ
ඉදිරි දොරටුව වී හිඳියි
එ'ගස සිනිඳු කැටයම් රටා දරමින්
පසසයි සැවොම කොස් දොරක් කියමින්
ඇසෙන විට එ'සඳ
මැවුණි ගසක් මා මනස
බත් ඇට අතු ඉති පුරා ගැවසුණ
ඉක්ම ගොස් සිව් දශකයක්
පාමුළ හැලී වැගිරෙන
දුගඳ පතුරන වැල කුණු
බුදිනට දිව එයි සුනඛයින්
සති පොළෙන් ඉඳහිට
කොස් මදුලු උරයක්
රැගෙන එමි මම ද පිසින්නට
කිරි කොස් පෙර පුරුද්දට
පුතුගෙ දෙමහල් නිවසේ
ඉදිරි දොරටුව වී හිඳියි
එ'ගස සිනිඳු කැටයම් රටා දරමින්
පසසයි සැවොම කොස් දොරක් කියමින්