ප්‍රියංගිකා බටගොඩ

2025 ජුලි කලාපය

රාත්‍රිය

සඳ මිනක ඇමිනී
රිදුම් දුන් පවනේ
සිහින් කෙඳිරිලි හඬට
රැහැයි හූ මිටිනේ

තුරු පතක මුදුනේ
හෙලූ ඇස කඳුලේ
වැටෙන දිය බිඳු ගසා
රෑ මලකි පිපුනේ

ඩැහැ ගන්න රිසිනේ
පොලව මත තදිනේ
ඇතිරු සෙවනැලි දඟව
දස අතට රැඟුමේ

කියඹු වැල් ලිහුනේ
කොපුල් මත එතුනේ
පාලු වුන පිල මතට
හාදකම් නොවුනේ

මතක දිග හැරුමේ
හලා හල විස නොවුනේ
මෙමට නුඹ මිස කෙනෙකු
වේද මේ අරනේ

වලාකුළු තුරුලේ
නොරිසි තරු වූවේ
නෝක්කඩු ගගනතට
සුසුම් බැනවැදුනේ
View Poem