නිලූකා පතිරණ ඇඹිලිපිටිය

2025 ජුලි කලාපය

පුතේ ඔක්කොම හීන ඉවරයි

උදේ ගෙදරින් දුවන් ආවේ
ගිහින් එන්නම් මැණිකෙ කියලා
පුතේ එනකොට අරන් එන්නම්
පෑන් පැන්සල් දෙන්න ලියලා

අටේ කණිසම වදින්නට පෙර
තරඟයට රිය පෙළට ඇඳුණා
හිතුවෙවත් නැති වෙලාවකදී
මාරයෙක් විත් ඇඟේ හැපුණා

මඟ බලන්නට එපා මැණිකේ
මඟදි හුස්මත් උදුරගත්තා
බෙදූ බත රසකර කවාපන්
දරු පැටව් හාමතේ නොතියා

අනේ කොච්චර හීන තිබුණද
පපුව අස්සේ හැඩට එතිලා
පුතේ ඔක්කොම හීන ඉවරයි
කන්ද මුදුනින් හෙළට වැටුණා..


ඇඹිලිපිටිය
View Poem