පෙර දවස
මතක වියැකී සිඳෙන එක් දිනක පෙර දවස
කිරිවැදුණු යොවුන් හද හැඟුම් පිබිදෙන කලක
සිප්හලෙන් මගට බැස ගෙදර යන සැදෑවක
නෙත ගැටුණු ඔබ වුවන මතුව එයි උඩු සිතට
එදා ඔබ මුව රැඳුණු තැතිගැනුණු කෝල බව
නුහුරු හැඟුමින් පිරී විකසිතවු යුග නයන
දෙඅදරින් වසන් කළ මන්දහාසය නැගෙන
මහද පතුළෙන් පිබිද මතුපිටට ආ අරුම
නොම ලැබිණ ඉඩ හසර දොඩන්නට නිරතුරුව
ලැබුණු ඉසුඹුව පමණි නිවස සිප්හල අතර
අනතුරුව සරසවිය රැකියාව විදේශය
සිහින් මිහිදුමක් ලෙස හද රැඳිණ ඔබ වුවන
හිරුත් නැග බැස ගියේ ලොවට හොර රහසේම
රැය පහන් වී ගියේ සඳ කැලුම් සඟවාන
සිප් හලද මාවතද තවම ඇත පෙර සේම
නවමු සිතිවිලි නැගුණු දෙහද දෙතැනකය අද
කිරිවැදුණු යොවුන් හද හැඟුම් පිබිදෙන කලක
සිප්හලෙන් මගට බැස ගෙදර යන සැදෑවක
නෙත ගැටුණු ඔබ වුවන මතුව එයි උඩු සිතට
එදා ඔබ මුව රැඳුණු තැතිගැනුණු කෝල බව
නුහුරු හැඟුමින් පිරී විකසිතවු යුග නයන
දෙඅදරින් වසන් කළ මන්දහාසය නැගෙන
මහද පතුළෙන් පිබිද මතුපිටට ආ අරුම
නොම ලැබිණ ඉඩ හසර දොඩන්නට නිරතුරුව
ලැබුණු ඉසුඹුව පමණි නිවස සිප්හල අතර
අනතුරුව සරසවිය රැකියාව විදේශය
සිහින් මිහිදුමක් ලෙස හද රැඳිණ ඔබ වුවන
හිරුත් නැග බැස ගියේ ලොවට හොර රහසේම
රැය පහන් වී ගියේ සඳ කැලුම් සඟවාන
සිප් හලද මාවතද තවම ඇත පෙර සේම
නවමු සිතිවිලි නැගුණු දෙහද දෙතැනකය අද