ඉන්දික ක්‍රිශාන්ත අබේරත්න ඉතාලිය

2025 ජුලි කලාපය

දුවට ආදරෙන්..

දුව.
යශෝදර කුසයේ මවා ලූ
ඔබේ සිත ඇති සිත්තමයි
සුරතේ නැල වූ සිළුමිණක් සේ
සෙනෙහසේ සුනෙරයි

පියා
බලා හිටියෙමි දස මසක්
ඒත් එය නම් කල්පයක්
ලොවක් දිනනා දියණියක්
දුවත් පියෙකුගෙ ප්‍රාණයත්

දුව
සමනලුන් උඩ ඉගිල්ලේ
මම තාත්තා ගෙ තුරුල්ලේ
උරතලේ හිද නිදැල්ලේ
පිරේ සෙනෙහස කැදැල්ලේ

පියා
විසල් අහසක් තියෙන්නේ
අකුණු හෙන හඩ නැගෙන්නේ
ඔවා මිණිගෙන සිතේ සවිගෙන
ඉගිලෙන්න මගෙ කිරිල්ලී

දුව
ඈත අහසේ දුවන්නම්
ඔබේ රුව සිහි කරන්නම්
නෙලාගෙන තරු හෙට උදෑසන
ඔබේ පාමුල තබන්නම්

Photo Credit; kabita Darlami
View Poem