තුෂාරි ජයසිංහ මහනුවර

2025 ජුලි කලාපය

දික්කසාදයට මොහොතකට පෙර.

අහම්බයෙන් ස්පර්ශ වූ
ඇඟිලි තුඩු
තේ බඳුන වටා දිව ගිය
මතක මන්දිර ගොඩ නගයි බොහෝ ඈතට.
කොතරම් නම් විදුලියක් ගැබ්ව තිබුණාද
පෙර එහි
සමහරවිට වෝල්ට් විසි තිස්දාහක්.
ඉන දැවටි සුදු සාරිය හැඩට
ඇත් දළ පාට සාරිය පැරදුවා
පෝරුව උඩ විසි පොරොන්දම්
විසිවන විට ඈතට
වෙදැගිල්ල හිස් වේවි ,මොහොතකින්
රතුපාට සේද පිලි ,තැලි ,තෑගි බෝග
බුලත්, ප්‍රිය සම්භෂණ
පෙන්වනවා සළ රූ සටහනක් සුන්දර
නෙත අද්දරම ගැවසී.
ගැබ පිරී දෙතුන්වර නැගි කිරි සිනා
මිලානව ගියෙ කඳුළු පමණක්ම දී
කාලය හරියට ජෙට් එකක් වගේ
පෙනී නොපෙනී ගිය හැටි
අත්සන තියන්න ළඟයි
ඇස්වල දිස්නය හිඟයි
සමනල කන්ද වෙව්ළුවා
දැළදාවට උඩින් වැහිළිහිණියන් කළු රෙද්දක් එලුවා
ඔරළෝසු කණුව හඬ නගා හැඬුවා
කිරි මුහුද කඳුළු වලින් පිරුණා
දිය තිලකෙ සරසන ගස්
වියලී තිබුණා මහ වැසි මැදත්


මහනුවර .
View Poem